ජේවීපී වැටුප් හා දීමනාවලට වෙන දේ – ගිහින් අහන්න.. බැංකුවේ බ්‍රාන්ච් එකත් එක්කම කියයි..

තමන් දරණ ඇතැම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බලය සමාජ ක්‍රමය තුළ නොමැති වීම නිසා තම පක්ෂයේ ඇතැම් ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම දුෂ්කර කාර්යයක් වී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා තිබෙනවා.

ඒ අනුව පක්ෂයේ ප්‍රතිපත්තිය එය නොවුණත් මන්ත්‍රීවරුන්‍ට හිමි දීමනා පාර්ලිමේන්තු ප්‍රාදේශීය සභා ඇතුළු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුවරුන් විසින් ලබා ගන්නා බවත් ඒවා බැර වෙන්නේ පක්ෂ අරමුදලට බවත් ඒවා පෞද්ගලික පරිහරණය සඳහා යොදා නොගන්නා බවත් ඔහු පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසෙ පටන් මන්ත්‍රීවරු ඉන්ධන දීමනාව ලබා ගන්නේද එය භාවිත කරන්නේ කුමක් සඳහා ද යන්න ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයා මතුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

“උදාහරණයක් විදියට මම පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයට විරුද්ධයි. නමුත් මගේ ළමයා පෞද්ගලික පාසලකට යවන්න සිද්ධ වෙනවා. ඒක මේ රටේ තියෙන ක්‍රමය නිසා. මම යවන්නෙ නෑ එහෙම. මගේ දරුවො රජයේ ඉස්කෝලෙකට යන්නෙ.

මම පෞද්ගලික රෝහලේ බෙහෙත් ගන්න කැමති නෑ. නමුත් රජයේ රෝහලේ බෙහෙත් නැති නිසා. මට මැරෙන්න බෑනේ. ඒ නිසා මට සිද්ධ වෙනව පෞද්ගලික රෝහලකට යන්න. ඒ වුණාට මගේ කැමැත්ත මොකක්ද? ප්‍රතිපත්තිය මොකක්ද? අර ක්‍රමය හදාගන්න.

ඒ වගේ තමයි ඔයා හරි. ඒ දීමනා අපි ගන්නවා. අරන් අපි පුද්ගලිකව පරිහරණය කරන්නෙ නෑ කියන්නෙ. මම අපේ පක්ෂෙ මුදල් ලේකම්. ලංකා බැංකුවෙ පාර්ලිමේන්තු බ්‍රාන්ච් එකට ගිහින් අහන්න. ජේ.වී.පී මන්ත්‍රීවරුන්ගේ වැටුප්වලට මොකද වෙන්නෙ කියලා. අන්න ඒ බ්‍රාන්ච් එකේ එකවුන්ට් එක තියෙනවා. ඒ මැනේජර් දන්නවා. අපේ මන්ත්‍රීවරු අඩු තරමේ අපේ මන්ත්‍රීවරුන්ගේ පඩිය කීයද කියලවත් දන්නෙ නෑ. අපි ඒක දන්නෙ අවුරුද්දකට සැරයක් ආදායම් වාර්තා පුරවන්න ආවම. අපි ඒව ගන්නවා. ඒ ගන්නෙ අරමුදලකට. ඒ තමයි පක්ෂ අරමුදල. ඒ අරමුදලෙන් කරන්නෙ මොකක්ද කියල ඇහුවොත්. පළවෙනිම මුදල දුන්නෙ කුරුණෑගල පාසලක පුස්තකාලෙ හදන්න”

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...