මං එදා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මට ලබා දී ඇති අයිතියක් – ගුවන්තොටුපළේ හඬ නැගූ තරුණයා පොලිසිය ඉදිරියේ කී කතාව

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවා තිබෙනවා.

නීතිඥවරයෙක් වන සඳරුවන් කුමාරසිංහ නැමති අදාළ තරුණයා අද උදෑසන 10ට පමණ ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණි අතර එහිදී මාධ්‍ය අමතා සිදු කළ ප්‍රකාශය මෙසේය.

“එදා මැයි පළවෙනිදා කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීම විදේශ සමාගමකට දීලා ඇති වෙලා තිබුණ අවාසනාවන්ත තත්ත්වය අනුව ඒ අදහස් ප්‍රකාශ කරාට පස්සෙ සමාජයේ බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් කතා කරන්න පෙළඹුණා. විශේෂයෙන් ජන මාධ්‍ය. ඒ වගේම රටේ බුද්ධිමත් ජනතාව.

ඒ කතා කිරීමත් එක්ක අද වෙනකොට ජනමාධ්‍යවේදීන් සහ මේ රටේ බුද්ධිමත් ජනතාව කරුණු අනාවරණය කරගෙන තියෙනවා මේ විදේශීය සමාගම පිළිබඳ හා මේ තත්ත්වය ගැන.

මේ රටේ තරුණ තරුණියෝ ඉන්නව රස්සා නැති. එහෙම තරුණ තරුණියෝ රටක ඉන්නකොට ඒ තරුණ තරුණියන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව වීසා නිකුත් කිරීම වගේ සංකීර්ණ ක්‍රියාවලියක් විදෙස් සමාගමකට විකුණලා රටේ ඩොලර් මිලියන ගාණක් විදේශ සමාගමකට යන එක ගැන කතා කරපු මට අද කටුනායක ගුවන් තොටුපළේ පොලිසියෙන් එන්න කියල තියෙනව ප්‍රකාශයක් ලබා දෙන්න. මං හිතනවා මේ රටේ බුද්ධිමත් තරුණ තරුණියෝ මාත් එක්ක ඉඳී කියලා.

ඒ වගේම සමාජ මාධ්‍යවල යනවා. මං දේශපාලන පක්ෂයක කෙනෙක්.ජාජාත්‍යන්තර බලවේගයක් කියලා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය අධෛර්මත් කරන්න කරපු කටයුත්තක් කියලා. ඔයාල වගේම මේ රටේ හැම දේශපාලන පක්ෂයකටම ඡන්දෙ දීලා කළකිරිලා ඉන්න කෙනෙක් මම. ඒ වගේම නීතිඥයෙක් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් වනමට මේ දේ කතා කරන්න අයිතියක් තියෙනවා. ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීල තියෙන අයිතිය තමයි මං එදා ප්‍රකාශ කරේ”

මේ අතර පසුගියදා ගුවන් තොටුපොළේ ඇති වූ කලහාකාරී තත්ත්වය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුගෙන් කටුනායක පොලීසිය ඊයේ (05) සවස ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි ද වාර්තා වනවා.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව අතරතුර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ කිසිදු පුද්ගලයකුට රටේ ප්‍රධාන ගුවන්තොටුපළේ දී එසේ හැසිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අදාළ තරුණයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!