සමගි ජන බලවේගයෙන් ෆොන්සේකා නෙරපීමේ තීන්දුව ලබන 6 වැනිදා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති ධුරය ඇතුළු ඔහු දැරූ ධුරවලින් ඉවත් කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගය ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ලබන මස 6 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය ඊයේ (06දා) නියෝග කර තිබෙනවා.

තමන් සමගි ජන බලවේගය පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව පෙන්වා දෙමින් සරත් ෆොන්සේකා මහතා ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා, එම පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙනතුරු බලපැවැත්වෙන පරිදි, ඔහු එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

එම වාරණ නියෝගය ඉවත් කරන ලෙසට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා කර තිබූ ඉල්ලීමක්, කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින් ප්‍රතික්‍ෂේප කොට තිබූ අතර දිසා අධිකරණයේ එම නියෝග බලරහිත කරන ලෙසට ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින බැවින් එම පෙත්සම කැඳවීමට වෙනත් දිනයක් නියම කරන ලෙස කනිෂ්ඨ නීතිඥ ජෙසිකා හිමාලි අබේරත්න මහත්මිය ඊයේ අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...