එය මට දැනුණේවත් නෑ.. My Red Comrade චිත්‍රපටයේ නිරුවත් ජවනිකා ගැන තරින්දි ප්‍රනාන්දු කතා කරයි

වෙනස් සිනමාවක් හොයන අපේ කාලයේ සිනමා ප්‍රේක්ෂකාගාරයට ලැබුණ නවතම නිර්මාණය වන්නේ “My Red Comrade” චිත්‍රපටයයි.

සුදත් මහ දිවුල්වැව දීර්ඝ කාලයකට පසු සිනමාවට තිළිණ කරන චිත්‍රපටය ලෙසින් ද එය සුවිශේෂීය.

තිරගත වීමට දින කිහිපයක් ඉතිරිව තිබිය දී චිත්‍රපටය සහ එහි ප්‍රධාන භූමිකාවට පණ පොවන තරින්දි ප්‍රනාන්දු ගේ රංගනය පිළිබඳ ඇසෙන කතාවලින් කියැවෙන්නේ ඇය ඒ සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇති බවකි.

වැඩිහිටියන්‍ට පමණයි ලේබලයෙන් ප්‍රේක්ෂකාගාරයට පැමිණෙන My Red Comrade චිත්‍රපටයේ සිය නිරුවත් දර්ශන පිළිබඳ තරින්දි ප්‍රනාන්දු සිය හඬ අවදි කර තිබුණේ මෙසේය.

“Nudity සම්බන්ධයෙන් මා තුළ Rules සහ Policies කිහිපයක් තිබෙනවා. මෙතන දි වුවත් මෙම රංගනය මගේ නීතිමය රාමුවෙන් ඔබ්බට ගිය එකක් නොවේ. මේ කතාව තුළ මගෙන් සමාජයට ලබා දිය යුතු පණිවිඩය හා ප්‍රබලත්වය සලකා බලන විට මගේ Nude Act එක පවතින්නේ ඉතාමත් කෙටි කාලයක් තුළයි. ඇත්තටම ප්‍රේක්ෂකයාට ඒ පිළිබඳ කතා කිරීමටවත් නොසිතෙන තරම්. මේ චිත්‍රපටියේ පසුබිම මත හැඳ සිටි ඇඳුම ගලවා ඇතුළට යාම මට දැනුනේවත් නැහැ. ඒ තරමට මේ පිටපත ඉතා ප්‍රබලයි.

සුදත් මහතා සමඟ කළ සාකච්ඡාවේදී ත් ඔහු මා සමඟ කිව්වෙ Nudity Market කර චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම අවශ්‍ය නැති බවයි. ඔහු මා හට නිතරම කිව්වෙ trailer එකක් සඳහාවත් එම දර්ශන භාවිත කරන්නෙ නැහැ කියලා. ඇත්තටම මට මේ ගැන දෙවරක් හිතන්න අවශ්‍ය වුණේ නැහැ.”

Latest News

More like this

සිංහබාහු හොර කොපිය ලක්ෂ දහයක් බලලා.. සෝමේ අයියට හොඳටම මළ පනී

සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිංහබාහු සිනමාපටය සිනමා...

Mandara Film Media Premiere

Photo Courtesy of Indika Mallawarachchi
error: Content is protected !!