මිනිස්සුන්ට අධිකරණ බලයක් දෙන්න ක්‍රමයක් නෑ.. – ලාල්කාන්තට වුණු වචනෙක වැරැද්ද නායකයා හදයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ යුක්තිය පසිඳලීමේ බලය ගමට දෙන බවට එම සන්ධානයේ කේ.ඩී ලාල්කාන්ත සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් බලය බෙදීම යනුවෙන් එහි දී අදහස් වන්නේ පුරවැසියා තව තවත් ශක්තිමත් කිරීම බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

බලය බෙදිමේ අවසන් ඒකකය ලෙස පුරවැසියා අතට බලය ලැබෙන ක්‍රමයක් එමඟින් අදහස් වන බවයි ඔහු මෙහි දී පැවසුවේ.

දැනටත් සමථ මණ්ඩල ලෙස ක්‍රියාත්මක වන ගමේ ප්‍රභූවරුන්ගෙන් යුක්ත සුළු අපරාධ, ඉඩම් නඩු වැනි විසඳන ක්‍රමවේද හා සමාන ක්‍රමවේදයක් ලාල්කාන්ත මහතාගේ කතාවෙන් අදහස් කෙරෙන අතර යම් අධිකරණ බලයක් යන වචනය එයින් අදහස් නොවන බව ඔහු පවසනවා.

“වචනේ ඒක නෙවෙයි. ඒකෙ අදහස. ඒ වචනෙන් ගම්‍ය වෙන එක නෙවෙයි ඇත්ත අදහස. කොහොමද එහෙම මිනිස්සුන්ට අධිකරණ බලයක් දෙන්නෙ. ග්‍රාමීය පුද්ගලයන්ගේ බලය ශක්තිමත් කිරීමක් තමයි එයින් අදහස් වෙන්නේ.”

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!