මාස ගණනකට පසු ඇල්පිටිය PHI ඝාතනයේ එක් සැකකරුවෙක් අල්ලයි

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු තවත් මිනීමැරුම් ගණනාවක් සඳහා අවශ්‍යව සිටි සැකකරුවෙකු ඊයේ (මැයි 6)මෙරටින් පිටව යාමට උත්සහ දරද්දී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු ඩුබායි රාජ්‍යයට පළා යාමට උත්සහ කර ඇත්තේ ව්‍යාජ නමක් යොදා කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින්.

ඔහු මෙරටින් පළා යාම සඳහා මදුරදූවගේ දිල්ෂාන් මධුසංඛ ද සිල්වා යන ව්‍යාජ නමකින් ගමන් බලපත්‍රය සකස් කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30ක් වන ඇල්පිටිය, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වෙන්නේ.

සැකකරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර පසුව සේවය හැර ගිය පුද්ගලයෙක් වන අතර ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම සඳහා ඔත්තු බැලූ බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...