ඕන වැඩක් කැන්සල් කරන් මං එනවා – අනුර සජිත්ව බිත්තියටම හේත්තු කරයි

පළමුව සමගි ජන බලවේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස හෙළිදරව් කරගත යුතු බවත් දෙවනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදයට යා හැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පක්ෂයේ ආර්ථික කමිටුවේ විශේෂඥයින් බව පවසන හර්ෂ ද සිල්වා සහ නායක සජිත් ප්‍රේමදසගෙ ආර්ථික ප්‍රතිපත්ති දෙකක් බව ඔහු සඳහන් කරනවා.

එබැවින් ආර්ථික කමිටු අතර විවාදයකට කලින් නායකයාගේ මතය පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව ඔහු පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (06) රාත්‍රීයේ පැවති දේශපාලන වැඩසටහනක් අතරතුරයි.

“මෙයා කියනවා හොරු අල්ලනවා කියලා. හර්ෂ කියනවා හොරු ඇල්ලීම මිරිඟුවක් කියලා. හර්ෂ කියනවා සහනාධාරවලින් මේක කරන් යන්න අමාරුයි කියලා. මෙයා කියනව බෙදන්නම ඕන කියලා. ඒ නිසා මෙයාගෙ මතේ දැනගන්න එක වැදගත්.

හර්ෂ මුදල් ඇමති වුණත් එයාට පුළුවන් ද එයාට ඕන විදියට වැඩ කරන්න. ඒ නිසා තමයි අපි සජිත්ට ඉස්සෙල්ල කතා කරේ. 20 වැනිදාට කලින් එයා ඒක කියන්න ඕන. 20 ට කලින් දිනයක් දෙන්න. ඕන වැඩක් කැන්සල් කරල එනව මං. 20 ට කලින් දිනයක් දෙන්නෙ නැත්නම් එයින් හැඟෙන්නෙ ඔහු විවාදයෙන් පලා යන බවයි. එහෙම නම් ආර්ථික කමිටු අතර විවාදයට යමු”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...
error: Content is protected !!