පළමුව මහා මැතිවරණය ද ජනාධිපතිවරණය ද? බැසිල් රනිල් කඹ ඇදිල්ලක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යළිත් මහ මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්විය යුතු බව තම පක්ෂය තවමත් විශ්වාස කරන බව පවසා ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට වෙනස් ස්ථාවරයක සිටින බව එම පක්ෂයේ තතුදත් ආරංචි මාර්ග පවසනවා.

පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අමතමින් බැසිල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් සිය මතය ද ප්‍රකාශ කර ඇති බව සඳහන්. ඊට පෙර ඔහු ජනාධිපතිවරයා හමුවී නවතම දේශපාලන ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුව, එහි මන්ත්‍රීවරුන්ගෙන් සාධාරණ සංඛ්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර හදිසි මහ මැතිවරණය පැවැත්වීම සඳහා පෙනී සිටින බවයි සඳහන් වන්නේ.

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2025 දී පමණි.

කෙසේ වෙතත් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමේ ව්‍යවස්ථාමය බලය ජනාධිපතිවරයාට ඇති අතර පොදු ජන පෙරමුණ කෙසේ හෝ ජනාධිපතිවරයා ඒ මාවතට යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසෙනවා.

කුමන මැතිවරණයක් ආවත් ඒ සඳහා සූදානම් වන ලෙස බැසිල්, මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇති බව ද ඒ අතර සඳහන් වෙනවා.

මේ අතර, ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පළමුව පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පෙනී සිටිනවා. බැසිල් රාජපක්ෂ මීට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමාගේ ස්ථාවරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ කිසිදු විරසකයකට ඉඩ නොතබන බවයි.

Latest News

More like this

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ...

ලතා වල්පොළගේ 91 වැනි උපන්දිනය සැමරීමට සජිත් එක්වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම...

ඉස්ලාමාබාද් අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත...
error: Content is protected !!