සිංහල ජාතියේ උපත පිළිබඳ කතාව ඉතා අශිෂ්ඨ එකක් – සෝමරත්න දිසානායක

සිංහල ජාතියේ උපත පිළිබඳ ඓතිහාසිකව අප දන්නා කතාව අශිෂ්ඨ එකක් බවත් සිංහබාහු සිනමා කෘතිය එය ශිෂ්ඨ සම්පන්න කිරීමට ගත් උත්සහයක් බව සෝමරත්න දිසානායක මහතා පවසා තිබෙනවා.

“තිරිසන් සතෙකුයි මනුස්ස දුවක් අතර එකතුවෙලා මනුස්ස දරුවෝ උපදිනවා. අයියයි නංගියි එකතුවෙලා දරුවො හදනවා. මේවා මේ සමාජෙ වෙන්න ඕන ශිෂ්ඨ සම්පන්න දේවල් නෙවෙයිනේ.

මගේ සිංහබාහු කතාවෙ එහෙම දේවල් නෑ. මම ඒක ශිෂ්ඨ සම්පන්න කරලා පිළිගත හැකි මට්ටමකට ගෙනැල්ලා අලුත් අර්කථනයක් දෙනවා. සිංහබාහු කතාව මුලින්ම ලිව්ව එක්කෙනාත් ඇත්ත කතාවක් නෙවෙයිනේ ලියල තියෙන්නෙ. ඒකත් එයාගෙ අර්ථකථනයක්. එයාගේ ප්‍රබන්ධයක්. මනංකල්පිතයක්. සත්‍ය සිදුවීම වෙනස් කරන්න බෑ. මම ඉදිරිපත් කරන අර්ථකථනය තමයි සිංහබාහු කතාව මෙන්න මෙහෙම වුණා නම් හොඳයි නේද කියන යෝජනාව තමයි මම කියන්නෙ”

සෝමරත්න දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයක් වන සිංහබාහු චිත්‍රපටයට එළැබෙන 18 වැනි දා සිට දිවයින පුරා සිනමාහල්ව තිරගත වීමට නියමිතයි.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...