තවත් ලොකු සහනයක් : ඩයනාත් එක්කම සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රී ධූර අහෝසි වෙන පාටක්

බිත්‍රාන්‍ය පුරවැසියෙක් වීම නිසා ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමඟ සමගි ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වීමේ අවධානමක් මතුව ඇතැයි වාර්තා වෙනවා.

ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ඩයනා ගමගේ සමගි ජන බලවේගය පක්ෂයේ උප ලේකම්වරිය වීමයි.

පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා පත්‍ර රැසක ඇය එම නිලය සහිතව අත්සන් කර ඇති බව වාර්තා වෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවටද ලබා දී ඇති ලේඛනවල ඇය පක්ෂයේ උපලේකම් ලෙස සඳහන් කර තිබීම මත ද එම පක්‍ෂයේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් ඇති වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

ඒ අනුව ඇය උප ලේකම් ධුරය දරද්දී බාර දී ඇති නාම යෝජනා පත්‍ර අවලංගු වීමේ ඉහළ ඉඩකඩක් ඇති බව වාර්තා වී තිබෙනවා.

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...