ඇල්පිටියේ මහජන පරීක්ෂක රොෂාන් කුමාරගේ ඝාතනයත් සමඟ මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය හා උපුල් රෝහණ මහතාගේ නිහැඩියාව පිළිබඳ බරපතල සැකයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සහ ජාතික පාපාරිභෝගික පෙරමුණේ අසේල සම්පත් මහතා චෝදනා කර තිබෙනවා.
ඔවුන් මේ පිළිබඳ සඳහන් කළේ Truth with Chamuditha යූ ටියුබ් නාළිකාව සමඟ සංවාදයකට එක් වෙමිනි.
එම වැඩසටහන මෙහෙයවන චමුදිත සමරවික්‍රම මහතා මෙහි දී අනාවරණය කරේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත වෛද්‍ය සේනක ගමගේ හා මහජන පරීක්ෂකවරයාගේ ඝාතනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය මෙන්ම වෛද්‍ය අසේල නියෝජනය කළ නිර්මාංශිකයන්ගේ සංගමය හා කිසිවකු ඊට එකඟ නොවූ බවයි.
PHI සංගමයේ සභාපති උපුල් රෝහණ සාකච්ඡා සඳහා රැගෙන ඒමට සියල්ල සූදානම් කර දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලබා දුන්න ද ඔහු එය මඟ හැරි බවත් මේ වනතුරුත් තමා වෙත දුරකථන ඇමතුමක් හෝ ලබා නොදුන් බව චමුදිත පවසනවා.
“උපුල් රෝහණලාට පුළුවන් නෙ තමන්ගේ සගයා වෙනුවෙන් කතා කරන්න. PHI ලාගේ ගිණුමේ මුදල් කීයක් තියෙනව ද කියල හොයන්න ඕන. PHI සංගමයේ ගිණුමට අති විශාල ලෙස මුදල් එනවා. එක එක සංගම්වලින් මාසෙට ලක්ෂ ගණන් එනවා කියනවා. පුළුවන් නම් ගිණුමෙ විස්තර එළියට දෙන්න කියන්න. මට පෙන්වන්න PHI සංගමය සුපිරි වෙළඳ සැල්වලට ගිහින් නඩු දාපු අවස්ථාවක්. නෙළුම් කුළුණෙ මෙයාලගේ සංගමේ උත්සවයක් තිබුණා. ඒ ෆොටෝවල පිටිපස්සෙ තිබුණෙ ඒ වෙළඳසැල්වල ඇඩ්. රොෂාන්ට එරෙහි සියලු කඳවුරු එකතු වෙලා මේ වැඩේ කරා. ඒ ගොල්ලො සංගමයක් විදියට එක නිවේදනයක් නිකුත් කරල නෑ.” යැයි අසේල සම්පත් මහතා මෙහි දි ප්‍රකාශ කළා.
එමෙන්ම වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ද මෙසේ අදහස් දැක්වුවා.
මෙහෙමයි ඝාතනය වෙන්නෙ ඔහුගේ යුනියන් එකේ භාණ්ඩාගාරික. එයා ගාව තමයි මුදල් අයථා පරිහරණය ගැන විස්තර ටික තියෙන්නෙ. සංගමය ඇතුළෙම කියනවා මෙයා තමයි ඒ ගණුදෙනු ටික එළියට දාලා උපුල් රෝහණට තරඟයක් දෙන්න හිටියේ කියලා. ඒ නිසා මෙයා ඝාතනය කරාද කියල සැකයකුත් තියෙනවා. වෛද්‍යවරයා මැරුණෙ එක්කො ස්වභාවික මරණයක්. නැත්නම් විස පෙවීමක්.