ලංවිම සේවකයන් දවසකට 05ක් රට හැර ගිහින් !

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විදුලි අධිකාරිවරුන් ඇතුළු තාක්‍ෂණික අංශ සේවකයන් පස්දෙනකුවත් සෑම දිනකම සේවයෙන් ඉවත් වී විදේශ රැකියා සඳහා යොමුවීමට පටන්ගෙන ඇතැයි විදුලිබල මණ්ඩලය කියා සිටී.

රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හා අපේක්‍ෂා භංගත්වය නිසා ඔවුන් එසේ සේවයෙන් ඉවත්වන බව විදුලිබල මණ්ඩලය කියයි.

මීට මාස කිහිපයකට පෙර විදුලිබල මණ්ඩලයේ සිටි සේවකයන් 24,000 මේ වනවිට 22,000 ක් පමණ දක්වා පහළ ගොස් ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය.

රජයේ සේවකයන් විශ‍්‍රාම ගන්වන වයස හැට දක්වා අඩු කිරීම නිසා හැට පිරි විශ‍්‍රාම යන පිරිසට අමතරව තාක්‍ෂණික හා කාර්මික ක්‍ෂේත‍්‍රවල රැකියා කරන සේවකයන් මේ ආකාරයට විදේශ රැකියා සඳහා යොමුවන බව ද ඒ මහතා කීය.

දළ වශයෙන් ගත්විට දිනකට විදුලිබල මණ්ඩල සේවකයන් පස්දෙනකුවත් රැකියාවට ආයුබෝවන් කියා විදේශ ගත වන බව ද ජයලාල් මහතා සඳහන් කළේය.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...