කංචනගේ විදුලි බල පනත ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලි බලය තොග වෙළඳපොළක් කිරීමේ වෑයමක්

විදුලි බල ඇමති කංචන විජේසේකර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව විදුලි බල පනත මඟින් ලංකා ඉතිහාසයේ පළමුවරට විදුලිබලය තොග වෙළඳපොළක් බවට පත් කිරීමට උත්සහ කර තිබෙන බවත් අත්‍යවශ්‍ය සේවාවක ලාභය ඉල්ලුම සැපයුම මත තීරණය වෙන දෙයක් නොවන බවත් එය ආර්ථික ර්මස්ථානයක් බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

විදුලි බලයේ මිල තීරණය කිරීම සඳහා වාසිය හෝ අවාසිය සම්බන්ධයෙන් මහජනතාවගේ පාර්ශ්වයෙන් හිතන මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පවා නොතකා කොරහත් බිඳගෙන යන ආකාරයෙන් හදිසියේ ඉදිරිපත් කරන ලද පනතක් බවයි ඔහු සඳහන් කළේ.

විදුලි බලය රෝහලකදී, හමුදාවේදී, පොලීසියේදී, කර්මාන්ත ශාලාවේදී, විද්‍යාගාරයේ වැනි ස්ථානවල පාවිච්චි වීම අනුව ලාභ ලැබිය යුතු ක්ෂේත්‍රයක් නොවන බව ඔහු අවධාරණය කර තිබෙනවා.

“මේ රටේ මහජනතාව හෝ වෘත්තිය සමිති හෝ විදුලි බල තොග වෙළඳපොළක් ඉල්ලා කිසිම තැනක උද්ඝෝෂණය කර නැහැ. කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම, සාධාරණ මිලකට ලබාදීම සම්බන්ධයෙන් පමණයි ඉල්ලීම් කළේ. ජනාධිපතිවරණයක් ඉදිරියේ තබාගෙන මේ පනත සම්මත කර ගත යුතු බව අපි විශ්වාස කරන්නේ නැහැ. විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීමේ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස ජනතාවගේ පැත්තේ සිට කල්පනා කරමින් සිදුකළ යුතුයි. අර්බුදයන්ට විසඳුම් සෙවීමේ ගවේෂණයක් විය යුතුයි. නමුත් දැන් කරන්නේ යන්නේ තුට්ටු දෙකට විදුලි බල මණ්ඩලය විකිණීම සඳහා කටයුතු කිරීමයි.

විදුලි බල ඇමති කංචන විජේසේකර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව විදුලි බල පනතට සමස්ත විදුලි බල මණ්ඩලයේම සේවකයන් විරුද්ධ වුවත් සම්මත කර ගන්නා බව අත්තනෝමතික ලෙස පවසා ඇති බව ද සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා තිබෙනවා.

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...