ජනාධිපතිවරණය සැප්තැම්බර් 17, ඔක්තෝබර් 16 අතර – මැතිවරණ කොමිසම නිවේදනය කරයි

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයක පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 1981 අංක 5 දරන ජනාධිපතිවරණ පනතේ විධිවිධාන ප්‍රකාරව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබෙනවා.

මැතිවරණය සඳහා දින නියම කිරීමට මැතිවරණ කොමිසමට පැවරී ඇති බලතල අනුව,ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 17 සහ 2024 ඔක්තෝබර් 6 අතර කාලය තුළ පවත්වනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...