සිසුන් ප්‍රාණ ඇපේට ගන්න දෙන්නේ නෑ.. පාසල් අත්‍යවශ්‍ය සේවා කරනවා – ජනාධිපති

මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ නොවුණහොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ ඊයේ (23 දා) පෙරවරුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවැති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිලයේ පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවය අමතමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේ දී ජනාධිපතිවරයා විසින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, සිල් මාතාවන් සහ සිසු දරුවන් 40 දෙනකු සඳහා සංකේතවත්ව පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි ප්‍රදානය කිරීම ද සිදු කරන ලදී.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත්, වැඩ බලන අධ්‍යාපන ලේකම් හේමන්ත ප්‍රේමතිලක සහ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පති තුෂාරි ද සිල්වා යන මහත්ම මහත්මීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.

2023 වසරට අදාළ පාසල් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර ඒ සියල්ල මේ වන විට දිවයින පුරා බෙදා දී අවසන්ය. දේශීය ව්‍යාපාරිකයන් විසින් ඉතිරි නිල ඇඳුම් සපයනු ලබයි. ඉන්දියානු ණය ආධාර යටතේ අමුද්‍රව්‍ය ලබා ගනිමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හා දේශීය සැපයුම්කරුවන් මඟින් මුද්‍රණය කරන ලද පාසල් පෙළ පොත් දීප ව්‍යාප්තව බෙදා හැරීමේ කටයුතු මීට පෙර ආරම්භ කර තිබූ අතර එය නිල වශයෙන් බෙදා දීම ද මෙහිදී සිදු කෙරිණ.

රජයේ පාසල්වල සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු සිසුවියන් මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් සහ පෙළ පොත් ප්‍රදානය කෙරේ.

පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද් කුමාර්, උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන, බස්නාහිර පළාත් ලේකම් ප්‍රදීප් යසරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් හේමන්ත ප්‍රේමතිලක, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ’ තාජුඩීන් යන මහත්වරුන් සහ අධ්‍යාපන හා රේඛීය අමාත්‍යාංශවල නිලධාරීහු ද, දිවයිනේ පාසල් රැසක විදුහල්පතිවරු සහ ගුරුවරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!