පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ධම්මිකට

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එම පක්ෂය සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීන්දුවක් ගැනීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන සතිය අවසාන වන විට යෝජිත අපේක්ෂකයන් සිවු දෙනා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කෙරෙහි වැඩි අවධානයක් එහි දී දක්වනු ඇති බව ද සඳහන්.

Latest News

error: Content is protected !!