ස්වර්ණවාහිනියේ “හිත ඉල්ලන තරු” යුධ පිටියක් වෙන ලකුණු. දැනටමත් මල්ටි බැරල් දෙපැත්තට

ස්වර්ණවාහිනියේ විකාශය වන රංගන ශිල්පී බුද්ධික රඹුක්වැල්ල මෙහෙයවන හිත ඉල්ලන තරු වැඩසටහන අද (12) උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවට වාර්තා වෙනවා.

ඒ ඉරාජ් වීරරත්න සහ සුදත්ත තිලකසිරි යන කලාකරුවන් අද සහභාගීවන බවට එම නාළිකාව කළ නිවේදනයකින් පසු ඔවුන් දෙදෙනා ඊට දක්වා ඇති ප්‍රතිචාර අනුවයි.

“මියුසික් සම්බන්ධ ෆ්‍රෝග්‍රෑම් එකකට මට කතා කරාම මම කන්ෆර්ම් කරන්නෙ එතනට එන අය බලලා. මොකද ගොඩක් අයට දේශපාලන මතවාද නිසා මාව සෙට් නෑ. හැබැයි අවසාන මොහොතෙ දි බුද්ධික ඔයා රේටින්ස් වැඩි කරගන්න නම් ලිස්ට් එක මාරු කරන එක නම් හොඳ වැඩක් නෙවෙයි. Programe එක මැදදි Live එක කපන්න වුණොත් ඔයා එ වගකීම භාරගන්න. මොකද සමහර ඩොලර්වලට රට පාව දුන්න යූ ටියුබ් හිඟන්නන්නට මාව ඇලජික්.” යනුවෙන් ඉරාජ් පවසා තිබෙනවා.

එමෙන්ම සුදත්ත ද ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ “රටටම විෂබීජයක් වුණු අපත කළලයකින් හැදි වැඩුණු ඉරාජ් කියන විෂබීජෙත් එක්ක මම හෙට හිත ඉල්ලන තරු වැඩසටනට එනවා” යනුවෙන් පවසමින් ඔහු හිත ඉල්ලන තරු වැඩසටහනට අනිවාර්යයෙන් සහභාගිවන බව සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් ඉරාජ් තවමත් ඒ සඳහා සහභාගීවනවාද නැද්ද යන්න තහවුරු කර නැහැ.

Latest News

More like this

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක්...