කප් එක ගේන්න – මතීෂගෙන් දරුවන් ඉල්ලයි – ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයට අලුත් බලාපොරොත්තුවක් ගේන දැන්වීමක්

එළඹෙන T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව ජර්සිය Moose Clothing සමාගම මඟින් එළිදක්වා ඇති අතර ගිලිහී යමින් පවතින ක්‍රිකට් රසිකත්වය නැංවෙන ආකාරයේ වෙළඳ දැන්වීමක් ද මේ වන විට නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල බලාපොරොත්තුවක් වන මතීෂ පතිරණ මෙන්ම මහේෂ් තීක්ෂණ හා දසුන් ශානක දායක වන මෙම වෙළඳ දැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ පරපුරෙන් රොමේෂ් කලුවිතාරණ ද එක් වී සිටිනවා.

මතීෂ පතිරණගේ නැතිවෙන ක්‍රිකට් ජර්සිය සොයා දෙන දරුවන් පිරිසක් එළැඹෙන තරඟාවලියේ කප් එක ලබා දෙන ලෙසට කරන හෘද්‍යාංගම ඉල්ලීමක් ලෙසින් එය නිර්මාණය කර තිබෙනවා.

එය බලාපොරොත්තු අහිමි වූ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයට නව බලාපොරොත්තුවක් සහ උන්මාදයක් ඇති කරන ආකාරයේ දැන්වීමක්.

ජා ඇල පිහිටි Moose Clothing සමාගමේ මූලස්ථානයේදී පැවති එළිදැක්වීමේ උත්සවයක දී පසු ගිය දා නිල ජර්සිය හඳුන්වා දීම සිදු කෙරුණා.

Latest News

More like this

විස්සයි20 ලෝක කුසලාන තරග ලංකාවට ගේන්න බංගලාදේශය කළ ඉල්ලීමට ICCයේ කැමැත්ත පළ වේ

විස්සයි20 ලෝක කුස­ලාන තරග ඉන්දි­යා­වෙන් ඉවත් කර ශ්‍රී ලංකාවේ...

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...