පෙරටුගාමීන්ගෙනුත් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක්

වාමාංශික පුළුල් එකතුවකින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසා තිබෙනවා.

මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය යන මැතිවරණවලින් කුමන මැතිවරණයක් ඉදිරියේ දී පැවැවුවද අරගලයේ අභිලාෂයන් දිනවන වාමාංශික වැඩපිළිවෙළක් සමඟ එම මැතිවරණවලට ඉදිරිපත් වන බවයි ඔහු පවසන්නේ.

ඊට අදාළ සාකච්ඡා මේ දිනවල සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!