IMF කොන්දේසි වෙනස් කරන්න ජනමත විමසීමක්

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක කර ඇති ගිවිසුම් ඉදිරියට ගෙන යාමට සිදුවුවත් එය සිදු කරන්නේ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිවලට අනුකූලව බව ජාතික ජන බලවේගයේ විධායක සභික විජිත හේරත් මහතා පවසනවා.

IMF කොන්දේසි තම පක්ෂයට අනුකූලව සංශෝධනය කර ගැනීම සඳහා ජනතා මතය විමසීමක් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

ජාතික ජන බලවේගය කිසිවිටක ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකරන බවයි ඔහු පැවසුවේ.

“අපි කැමති වුණත් අකමැති වුණත් මේක අත්සන් කරලා ඉවරයි. අපි ආණ්ඩුව ඉස්සරහට ගිහින් ජනමතයක් ඉල්ලා සිටිනවා මේ IMF ගිවිසුම සංශෝධනය කරන්න. IMF එකත් එක්ක නැවත සාකච්ඡා කරලා ජනතාව මත පැටවුණු බදු බර පීඩනය අඩු කරන්න අපි කටයුතු කරනවා. ඒගොල්ලො කියන්නෙ අපේ GDP එක වැඩි කරල පෙන්නන්න. ඒක කරන්න පුළුවන්.

අපේ ආර්ථිකේ හදවත තමයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගුව. ඒ ආයතන තුනේ ආදායම වැඩි කරගන්න ඒ ආයතන තුල වංචාව දූෂණය නැති කරලා ඒක ස්ක්‍රීන් කරාම අනිවාර්යයෙන් මේ අද ලබන ආදායම වගේ දෙගුණයක් ආදායම ලබන්න පුළුවන්.”

ඔහු මේ බව පැවසුවේ යූටියුබ් නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

Latest News

More like this

දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ...

දිවයින පුරා පොලිස් ස්ථානවල බැලුන් හිඟයක්… සපුගස්කන්දෙත් තිබිලා නෑ

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන්...

‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

"රංවල.. හොඳ මිනිසෙකි... ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."...

අනුරනේ ඔක්කොම කරන්නේ… 159ක් යැව්වෙ බම්බු ගහන්නද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීම සඳහා...