හිත ඉල්ලන තරුවලට ඉරාජ් එයි සුදා නෑ.. – ‘‘මාව නෝන්ඩි කරන්න එපා..’’ කියලත් ස්වර්ණවාහිනියට කියලා

ඉරාජ් වීරරත්න සහ සුදත්ත තිලකසිරි සහභාගී වන බව කියූ බැවින් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ ස්වර්ණවාහිනියේ හිත ඉල්ලන තරු වැඩසටහනට ඊයේ දිනයේ දී සුදත්ත තිලකසිරි මහතා සහභාගීව සිටියේ නැහැ.

වැඩසටහන ආරම්භයේ එය මෙහෙයවන බුද්ධික රඹුක්වැල්ල මහතා සුදත්ත තිලකසිරි, ඔවුන් අමතා එදින වැඩසටහනට සම්බන්ධ නොවන බව ප්‍රකාශ කළ බව සඳහන් කළ අතර පසුව එය වෙනස් කරමින් පැවසුවේ ස්වර්ණවාහිනිය ඔහුට ඒ සඳහා සහභාගී නොවන ලෙස ඉල්ලීමක් කළ බවයි.

ඉරාජ් වැඩසටහන ආරම්භ වීමට පෙර ෆේස්බුක් ලයිව් ඔස්සේ, ෆේස්බුක් එකේ පොර ටෝක් දෙන යාලුවා තවම මෙතැනට පැමිණ නැතැයි සඳහන් කළා.

“සුදා ඔයා මෙතනට ඇවිත් බොරු වීඩියෝ දන්න එපා. ස්ටුඩියෝ එකට එන්න. ඇවිල්ල කතා කරන්න්න කෝ ඔයා එන්නේ නෑනේ .පැය දෙකක් තියෙනවා එන්න. ඇතුළට වරෙන්. අද ෆ්‍රෝගෑම් එකට එනවා කියලා මිනිහා ආවේ නෑ. ඊට පස්සේ බුද්ධිකට කෝල් කර කර ඒ මචං මාව නෝණ්ඩි කරන්න එපා කිය කියනවා. බුද්ධිකලා ප්‍රෝග්‍රෑම් එකට එන්න කියලා තියෙන්නේ. අවුල් නේ එතකොට.”

සුදත්ත තිලකසිරි මහතා ඔහුගේ ෆේස්බුක් ඔස්සේ වැඩසටහන සඳහා ඔහු අනිවාර්යයෙන් සහභාගී වන බව පවසා තිබුණා.

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...