ජනපති නංගී ‘අයියා’ අත් අඩංගුවට ගත් පොලිසිය විසුරුවා හරී

ප්‍රාදේශීය දේශපාලන නායකයන්ට සහ නගරාධිපතිවරුන්ට රජයේ මුදල් නිකුත් කිරිම සඳහා නිලධාරීන්ට අල්ලස් දුන් බවට චෝදනා එල්ලවීමෙන් පසු අත්අඩංගුවට ගත් සිය සොහොයුරු සම්බන්ධව විමර්ශනය කළ විශේෂ පොලිස් බළකාය විසුරුවා හැරීමට පේරූ රාජ්‍යයේ ජනාධිපතිනිය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සිය සොහොයුරු Nicanor Boluarte නිදහස් කරගැනීම සඳහා පේරූ ජනාධිපතිනිය Dina Boluarte එසේ කටයුතු කිරීම ගැන ඇයට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

සිය නැඟණියගේ ජනපති බලතල අයුතු ලෙස භාවිත කළ සොහොයුරු සමඟ ජනපතිනියගේ නීතිඥවරිය ද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා.

ජනාධිපතිනියගේ නීතිඥවරියට ඔහු විසින් මිල අධික රොලැක්ස් අත්ඔරලෝසු සහ ස්වර්ණාභරණ ත්‍යාග වශයෙන් පිරිනමා ඇතැයි මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව විමර්ශන නිලධාරින් ප්‍රකාශ කර සිටිනවා.

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...