ඕනෑම තැනකට විනාඩි 10 න් යන්න පුලුවන් පියාඹන ටැක්සි සේවාවක්

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පියාඹන විදුලි ගුවන් කුලී රථ සේවයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙම නව කුලි රථ සේවාව සමඟ නගර ගමනාගමනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ විප්ලවීය වෙනසක් කිරීමට සූදානම් බවයි වාර්තාවල දැක්වෙන්නේ.

මෙම සේවාව ඔස්සේ ගමන් කාලය සැලකිය යුතු ලෙස අඩු කිරීමට පොරොන්දු වන අතර, ඩුබායි තුළ ඕනෑම ගමනාන්තයකට මිනිත්තු 10 කින් ළඟා විය හැකි බව සහතික කර තිබෙනවා.

සම්ප්‍රදායික ප්‍රවාහනයට සාපේක්ෂව ගමන් කාලය සියයට 70 ක කැපී පෙනෙන අඩුවීමක් මේ තුල සිදු වනු ඇති බව පැවසෙනවා.

2025 අවසානය වන විට මෙය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Latest News

More like this

මස්ක්ගේ ස්ටාර්ලින්ක් පද්ධතිය විනාශ කරන්න පුටින් භයානක මිසයිලයක් හදයි..

යුක්‍රේන යුධ අපේක්ෂා සුණු විසිණු කිරීමේ අරමුණින් රුසියාව ඊලොන්...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Rumble ජර්මනියේ AI cloud සමාගමක් මිලදී ගන්න යයි

අමෙරිකානු සමාජ මාධ්‍ය ජාලයක් වුණු Rumble විශාල ආයෝජනයක් සිදුකිරීමට...

iPhone Pocket : ඇපල් සමාගමින් නවතම හඳුන්වාදීමක්

ඇපල් සමාගම 'රෙදි කැබැල්ලකින්' ආභාෂය ලැබූ ඩොලර් 230 ක...

කෙන්යාවේ රෝබෝ වේටර්ලා මිනිස් ශ්‍රමිකයන්ට අභියෝග කරයි

කෙන්යාවේ නයිරෝබි නුවර ප්‍රථම වතාවට රොබෝ වේටර්වරුන් විසින් සේවා...