දකුණු කොරියාවේ කම්කරු පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සෝල් නුවර දී මුණ ගැහෙයි

දකුණු කොරියානු කම්කරු පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත කණ්ඩායමක් අතර හමුවක් සිදු වූ බව වාර්තා වෙනවා.

ඊයේ (13) දිනයේදී සෝල් කම්කරු පක්ෂ කාර්යාලයේ දී මෙම හමුව සිදුවුණා.

වර්තමාන ජාත්‍යන්තර දේශපාලන තත්වයන් හා ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණයත් ඒ හා සම්බන්ධ ඉදිරි කටයුතුත් පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා සිදුකෙරුනු බව පැවසෙනවා.

කොරියානු කම්කරු පක්ෂය වෙනුවෙන් ලී බෙක් යූන් ප්‍රධාන නියෝජිතයින් ද ජවිපෙ කොරියානු කමිටුව වෙනුවෙන් දර්ශන විජේසිංහ, ජනක නාගහවත්තද මෙම හමුව සඳහා සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!