මේ ඒ ඇවන්ගාඩ්මද? කුලී හේවායන් රුසියාවට යැව්ව ඇවන්ගාඩ් ආයෙමත් කරළියට

රුසියානු – යුක්‍රේන යුද්ධයට මෙරට ආරක්ෂක අංශවල විශ්‍රාමිකයන් කුලී හේවායින් ලෙස අලෙවි කරමින් සිටින්නේ ඇවන්ගාඩ් නම් සමාගමක් විසින් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී හෙළි දරව් කළා.

නමුත් එම සමාගම පිළිබඳ වැඩිදුර විස්තර තමා සතුව නැති බව ද ඔහු සඳහන් කළා.

එම සමාගම මෙරට සමාගමක්ද එරට ඇති වෙනම සමාගමක් යන්න තොරතුරු අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් එම සමාගම ඩිලාන් හා සුරේෂ් නම් දෙදෙනකු විසින් මෙහෙයවමින් සිටින බවයි මන්ත්‍රීවරයා අනාවරණය කළේ.

අද වන විට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් රුසියානු – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින බවත් ඉන් පිරිසක් මිය ගොස් ඇති බව තවත් පිරිසක් තුවාල වී ප්‍රතිකාර ලබාගත නොහැකිව සිටින බව මන්ත්‍රීවරයා පවසනවා.

පාවෙන අවි ගබඩාවක් සම්බන්ධ චෝදනාවක් හේතුවෙන් පසුගිය වකවානුවේ නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාඩ් සමාගම දැඩි ලෙස කතා බහට ලක් වුණා.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...