සුව සැරිය කඩා වැටෙයි – රජයෙන් ප්‍රමාණවත් අනුග්‍රහයක් නැහැ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ මුල පිරීමක් අනුව නිර්මාණය කළ සුවසැරිය ගිලන් රථ සේවයේ ගිලන් රථ බොහෝ ප්‍රමාණයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.

මේ වන විට එම සේවාවේ ගිලන් රථ 322 ක අතරින් 56 ක්ම භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

එම ගිලන් රථ අලුත් වැඩියා කිරීම සඳහා රජයේ අනුග්‍රහය සහ මැදිහත්වීම කිසිසේත් ප්‍රමාණවත් නැහැ.

විශාල වශයෙන් හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පීන්, රියදුරන් රට අතහැර යාම තුළ එම සේවාව පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව ද ඔහු පවසා තිබෙනවා.

ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදු කරන එමල් සේවාව රැකගැනීම සඳහා රජයේ අවධානය යොමු කරන්නැයි විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!