ඊළඟ පාර්ලිමේන්තු වාරය වෙනකොට සජිත්ට මන්ත්‍රීවරු ඉතිරි වේදැයි සැකයක් – බාර් පර්මිට් ලැයිස්තුව එයි

සමගි ජන බලවේගයේ මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ලබා දුනහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මන්ත්‍රීවරුන් ඉතිරි වේදැයි සැකයක් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබෙනවා.

විපක්ෂ නායකවරයා ඉල්ලා ඇති පරිදි මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල පිළිබඳ වාර්තාව කඩිනමින් සකසා මීළඟ පාර්ලිමේන්තු වාරයේ දී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ අවසන් වරට මීට වසර 16කට පෙර එනම් 2008 වසරේ දී වාර්තා වූ ජනගහනයට සරිලන ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කර තිබුණ ද ඉන් වසර 16 කට පසු ජනගහනයට සරිලන ආකාරයට ඒවා ගණනය කළ යුතු බවයි.

නීති විරෝධි මත්පැන් අඩාල කිරීමේ අරමුණෙන් මෙම ගණනය කිරීම්වලට අනුව මත්පැන් බලපත්‍ර අලුතින් ලබාදීම සිදු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියනවා.

නීත්‍යානුකූල මත්පැන් භාවිතය වැඩි කිරීමට ද රජය කිසිවිටෙකත් කටයුතු නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා බදු වැඩි කිරීම හා නව බලපත්‍ර ගාස්තු පැනවීම ආදිය මගින් මත්පැන් මිල ඉහළ නැංවීම හරහා එම තත්වය පාලනය කරන බව පවසනවා. රජයට අවශ්‍ය වන්නේ නීතිවිරෝධී මත්පැන් ව්‍යාප්තිය පාලනය කරමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...