ජන පීඩක විදුලි පනතට හා ටෙලිකොම්, රක්ෂණ, මිල්කෝ ඇතුළු ජාතික සම්පත් විකිණීමට එරෙහි දැවැන්ත පා ගමනක්

ජන පීඩක විදුලි පනත අහෝසි කිරීමට හා ටෙලිකොම්, රක්ෂණ, මිල්කෝ ආයතනය ඇතුළු ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් අද (15) දින කොළඹ මරදාන ටෙක්නිකල් හන්දියේ සිට දැවැන්ත විරෝධතා පා ගමනක් ඇරඹීමට කටයුතු යොදා තිබෙනවා.

එම විරෝධතාව මරදාන ටෙක්නිකල් හන්දියෙන් සවස 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

ජාතික සම්පත් විකිණීමට එරෙහි මාධ්‍ය මධ්‍යස්ථානය නිකුත් කර ඇති නිවේදනයට අනුව මේ සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන ගණනාවක් එක් වන බව සඳහන් වෙනවා.

Latest News

error: Content is protected !!