ආසියාවේම නැති අලුත් නීති දැන් ශ්‍රී ලංකාවේ

ආණ්ඩුව පසු­ගිය දෙව­ස­රක කාලය තුළ පම­ණක් නව නීති 75ක් සම්මත කර ගැනී­මට කට­යුතු කර ඇති බැවින් ඒ අනුව දකුණු ආසි­යාවේ අලුත්ම නීති ක්‍රියා­ත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පවසනවා.

ඒ සමඟ නව නීති පද්ධ­ති­යක් සමඟ නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් රට තුළ ගොඩ­න­ඟන බවත් දූෂණ විරෝධය දේශපාලන සටන් පාඨ කරගත් යුගය නිමා කරන බව ජනජනාධිපතිවරයා පවසා තිබෙනවා.

තෙල්දෙ­ණිය නව අධි­ක­රණ සංකී­ර්ණය විවෘත කිරීමේ අව­ස්ථා­වට ඊයේ (15) එක්වෙ­මින් ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙසේද පැව­සුවා.

“ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැ­මුන් චෝදනා නැඟු­වද වත්මන් ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙන­විත් තිබෙ­නවා. ජනා­ධි­ප­ති­ව­රයා දූෂණ විරෝ­ධය දේශ­පා­ලන සටන් පාඨ­යක් කර ගත් යුගය ඒ සමඟ නිමා වෙනවා. රටක ස්ථාව­ර­ත්වය රැඳී පව­තින්නේ නීතිය ක්‍රියා­ත්මක වීම මතයි. රටක් ලෙස ජාත්‍ය­න්තර පිළි­ගැ­නී­මක් හිමි වන්නේ ද නීති පද්ධ­තියේ ක්‍රියා­කා­රි­ත්වය තුළයි.

ශත වර්ෂ­ය­කට පමණ පසුව නීති ක්ෂේත්‍රයේ නව ප්‍රති­සං­ස්ක­රණ රැසක් අප සිදු කර තිබෙ­නවා. ඒ අනුව නීති 75ක් පමණ සම්මත කර ගැනී­මට අප පසු­ගිය දෙව­සර තුළ කට­යුතු කළා. පැවති ඇතැම් පාර්ලි­මේන්තු වසර 04ක්, 05ක් කට­යුතු කළත් කිසිදා මෙවන් නීති ප්‍රමා­ණ­යක් සම්මත කර ගෙන නැහැ. ආණ්ඩු­වක් තිබෙන්නේ වැඩ කරන්න වගේම මන්ත්‍රී­ව­රුන් ද නීති සම්පා­දන කට­යුතු සඳහා පාර්ලි­මේ­න්තු­වට පැමි­ණිය යුතුයි. ඒ අනුව පාර්ලි­මේ­න්තුව තුළ මෙම නීති සම්මත කර ගනි­මින් නව නීති පද්ධ­ති­යක් හඳුන්වා දීමට අප කට­යුතු කර තිබෙ­නවා”

Latest News

error: Content is protected !!