ලංකාවේ කුලී හේවායන් ගෙනියන්නේ රුසියානු රජයේ මැදිහත්වීමෙන් – ඔව් මං KGB ඔත්තුකරුවෙක්..

රුසියා-යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ලෙස යවනු ලැබූ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිටින මහමොළකරු තමා බව ද තමා රුසියානු රහස් ඔත්තු සේවය වන KGB හි හිටපු ඔත්තුකරුවෙකු බවත් ‍රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

ඒ සඳහා රුසියාව බලා යවන නියෝජිතයකු ලෙස තමා පත් කිරීමේ වගකීම ඇත්තේ රජයට බවත් එය සිදුවුවහොත් ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම සතියකින් ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලාංකිකයන් ජාවාරම කිරීම පිටුපස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සිටින බවත් ඒ සඳහා එක පුද්ගලයෙකුගෙන් ඩොලර් දාහක් ලබාගෙන ඇති බවට එල්ලවන චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් යූ ටියුබ් අවකාශයේ පැවති සංවාදයකදී ඔහු ප්‍රකාශ කළේ “මා විසින් එය කළා නම් ඩොලර් දාහක් වැනි අඩු මුදලකට එය සිදු නොකරන බවයි.”

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මෙරටින් එහි ආරක්ෂක අංශවලට ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන කණ්ඩායම්වලට ගුවන්තොටුපළෙන් පිටවීම සඳහා නිෂ්කාෂණ වාර්තාවක් ලබා දෙන බව ඔහු පවසනවා.

මේ යන අය අවුරුද්දක ගිවිසුමක් අත්සන් කරනවා. ලංකාවෙන් යන අය එහේ හමුදා කඳවුරකට ඇතුළත් කරනවා. ඊට පස්සෙ ඔවුන්ට ලියාපදිංචි අංකයක් දීලා ඔවුන්ව අවුරුද්දක ක්‍රියාන්විතයකට බඳවා ගන්නවා. යැයි ඔහු පැවසුවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් එම පිරිස් වැග්නර් කුලී හමුදාවට බැඳීමට යන බව පැවසීම සම්පූර්ණ අසත්‍යයක් බවයි ඔහු පවසන්නේ.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!