අනුර – සජිත් විවාදය දාට රජයේ විශේෂ නිවාඩු දිනයක්

යෝජිත රට හදන සජිත්-අනුර විවාදය සිදුවන දිනය රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

රජයේ නිවාඩු දිනයක් කර එය සියලුම ජනතාවට දැක බලා ගැනීමට කටයුතු කළ යුතු බවට වන යෝජනාව තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදු කළ බව ද ඔහු සඳහන් කළා.

එහෙත් ඔහු පෙන්වාදෙන්නේ අදාළ විවාදය පැවැත්වීම සඳහා එම දෙපාර්ශවයටම උනන්දුවක් නොමැති බවයි.

“අද ප්‍රධාන අනිත් අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකරලා අර විවාදය තියන්න. මොකද මේ විවාදයට දෙන්නම හැංඟෙන ගතියක් පේන්න තියෙනවා. මම ඇත්තටම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමකුත් කරා රජයේ නිවාඩු දිනයක් නම් කරලා, මේ විවාදය ලංකාවේ මිනිස්සුන්ට බලන්න කියන්න. මේ දෙන්නාගේ විවාදය බලලා රට හදන හැටි. මොකද අභියෝග භාරගන්න බැරි මිනිස්සු කොහොමද රට හදන්නේ කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕනේ. මේක තනිකර ගේමක් යන්නේ. දෙපැත්තම දන්නවා මේක කරගන්න බෑ කියලා. එක්කෙනෙක් බර සිංහලෙන් කතා කරයි. අනෙක් කෙනා බර ඉංග්‍රීසියෙන් කතා කරයි. දෙන්නට දෙන්නා කතා කරපු එක තේරෙන්නේ නැති වෙයි. අපි කරුණාකරලා ඉල්ලනවා කයිවාරුවෙන් නෙමෙයි ක්‍රියාවෙන් කරලා පෙන්වන්න.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...