ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් උරුමය රැක ගැනීමේ සුප්‍රීම් ග්ලෝබල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සටනට කලාපයේ තවත් දැවැන්තයෙක් එක් වෙයි

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ජාතික උරුමයක් ලෙස සලකා එහි අයිතිය මෙරට සතු කර ගැනීම සඳහා ඉදිරිපත්ව සිටින ශ්‍රී ලාංකික සමාගම වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් සමාගමේ (Supreme Global Holdings (Private)එම ප්‍රයත්නයට සහයෝගය දැක්වීමට ගෝලීය ගුවන් සේවයේ තවත් ප්‍රමුඛතම මැලේසියානු සමාගමක් ඉදිරිපත් වී සිටින බව වාර්තා වෙනවා.

MMAG Holdings Bhd හි පූර්ණ අනුබද්ධිත MMAG Aviation Consortium Sdn Bhd (MAC) සමාගම ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ගිවිසුමේ නියමයන් යටතේ, සුප්‍රීම් ග්ලෝබල් සහ එහි හවුල්කරු විසින් මෙරට ජාතික ගුවන්සේවය හිමි කර ගැනීමෙන් පසුව, MAC විසින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සඳහා ගුවන් භාණ්ඩ පෝෂක ජාලයක් පිහිටුවීම සඳහා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ මෙහෙයුම් සහාය ලබා දීමට නියමිතයි.

ඔවුන් මෙම හවුල්කාරීත්වයට එළැඹ ඇත්තේ මෙරට ගුවන් සේවය ජාත්‍යන්තර තලයේ ප්‍රමිතිගත සේවා සපයන්නෙක් ලෙස තවත් ශක්තිමත් කිරීමටත් කලාපීය වශයෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ජාලයක් ස්ථාපිත කිරීමේ සුවිශේෂීම ර්මස්ථානයක් ලෙසින් ශ්‍රී ලංකාවේ භූමි පිහිටීම විශ්ලේෂණය කරමිනි.

දැනට පාඩු ලබන නිසි නඩත්තුවක් හා නිසි පහසුකම් වලින් වියුක්තව අර්බුද රැසක් සහිතව පවත්වාගෙන යන මෙරට ජාතික ගුවන් සේවය මෙරට ජනතාවට තව දුරටත් බරක් නොවූ ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට වඩාත් වටිනා සම්පතක් ලෙසින් සංවර්ධනය කිරීමේ ඉහළම අවස්ථාව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමට මෙම සහයෝගීතාවයත් සමගින් ඇති වන බවට එම සමාගම දැඩි විශ්වාසය පළ කර තිබෙනවා.

මෙම සමාගම විසින් පසුගිය කාලයෙදී AirAsia අනුබද්ධිත MasKargo සහ Teleport වැනි ප්‍රධාන ගුවන් භාණ්ඩ වාහක සේවා සපයන්නා ලෙසින් ලබා ගත් මෑත කාලීන වර්ධනයන් සමඟ සන්සන්දනය කිරීමේ දී මෙම සමාගමේ හවුල්කාරීත්වය ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත ගොඩ නැගීමේ ප්‍රයත්නයට සහාය දිය හැකි හොඳම හවුල්කාරීත්වයන්ගෙන් එකක් බව සුප්‍රීම් ග්ලෝබල්ස් හෝල්ඩින්ග්ස් සමාගම විශ්වාස කරයි.

මෙරට සෑම පුරවැසියකුටම අභිමානයෙන් හඳුන්වා දිය හැකි සන්නාමයක් හා රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන මෙම MMAG සහ සුප්‍රීම් ග්ලෝබල් ගිවිසුම මගින් MMAG සමූහය හරහා මෙරට ගුවන් සේවා හා ගුවන් භාණ්ඩ සේවා ගුවන් සේවා සහ සැපයුම් කර්මාන්තයේ ගෝලීය ව්‍යාප්තිය වැඩි දියුණු කිරීමටත්, ගෝලීය වශයෙන් සුවිශේෂී ස්ථානයක් ශක්තිමත් ව සනිටුහන් කිරීමටත් ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාමටත් හැකි වනු ඇතැයි ඔවුන් නිවේදනය කර තිබෙනවා.

Sri Lankan Airlines මේ රටේ ජාතික උරුමයක් ලෙසින් මේ රට තුලම රඳවා තබා ගැනීමේ අපේක්ෂාවෙන් එය අත්පත් කර ගැනීමේ කොටස්කරුවෙකු ලෙසින් සාර්ථක තරගයක යෙදී සිටින Supreme Global Holdings ඉන්දියාවේ Sherisha Technologies සහ Qatar MBS Global Investments ද මීට පෙර සහයෝගය ලබා දී තිබෙනවා.

Latest News

More like this

සියෙරා කේබල්ස් පීඑල්සී නව සභාපති ධුරය ඉෂාර නානායක්කාරට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු වන LOLC සමූහයේ උප සභාපති...

ඉෂාර නානායක්කාරට හිමි HNB 10% ක කොටස් ලංවා අධිපති නන්දන ලොකු විතාන මිලදී ගැනීමෙන් කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී මංසළකුණක් සනිටුහන් කරමින් ඊයේ...

සංචාරක ක්ෂේත්‍රයට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්...

සේවා අපනයනකරුවන්ගේ 15% බද්දට විශේෂ සහනයක්

සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති...
error: Content is protected !!