සජිත් ඩේලි මිරර් වාරණය කරයි – පාඩුව ඔහුටමයි ඩේලි මිරර් කියයි

සමගි ජන බලවේගය හා තමාගේ කිසිදු මාධ්‍ය හමුවක් ආවරණය කිරීමට ඩේලි මිලර් පුවත්පතට මින් ඉදිරියට අවස්ථාව ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

ඔහු විසින් මත් පැන් බලපත්‍ර ලබා දීම අවලංගු කරන බවට කළ ප්‍රකාශයක් සාවද්‍ය ලෙස ඊයේ දිනයේ (16) ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කිරීම ඊට හේතුවයි.

සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ සියලුම තැබෑරුම්, සුරාසැල් වසා දමන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණා.

දැනට ලබාදී ඇති මත්පැන් බලපත්‍ර සියල්ල තම පක්‍ෂය බලයට ආපසු අවලංගු කරන බවද එම වාර්තාවේ සඳහන් වුණා.

එම වාර්තාව මේ වනවිට වෙබ් අඩවියෙන් ඉවත් කළ ද තවමත් නිවැරදි කිරීමක් සිදු කර නොමැති බව ප්‍රේමදාස මහතා ට්විටර් ඔස්සේ පවසා තිබෙනවා.

ඊට පිළිතුරු දෙමින් ඩේලි මිලර් පුවත්පත මේ වන විට පවසා ඇත්තේ සිය මාධ්‍ය භාවිතය කිසිදු දේශපාලනඥයකුගේ පදයට නැටවිය නොහැකි බවයි. ඩේලි මිරර් තහනමේ පාඩුව ද ඔහුටම බව එම පුවත්පත පවසා තිබෙනවා.

විපක්ෂ නායකවරයා ලෙස ඔහුගේ භූමිකාව ප්‍රශ්ණ කළ සෑම විටකම පුවත්පතට ඔහුගේ කළ කිරීම ප්‍රකාශ කළ බව එම පුවත්පත අවධාරණය කර තිබෙනවා.

උදාහරණයක් ලෙස ඔවුන් දක්වා ඇත්තේ 2022 ඉකුත් අරගලය සමයේ ගෝඨාභය රාජපක්ෂ එළවීමේ සටනට නායකත්වය දෙන බව සඳහන් කළ ද් තීරණාත්මක මොහොතක ඔහු අරගලය මඟහැර රෝහල් ගත වීමක් වාර්තා කිරීම සම්බන්ධයෙන් ද ඔහු පුවත්පත වෙත කළකිරීම ප්‍රකාශ කළ බවයි.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...