IMF කොන්දේසි සංශෝධනය කරන්න බෑ

ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

මාධ්‍යවේදීන් සමග ඊයේ (16 වැනිදා) සවස පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා ආණ්ඩුව, ණය ලබා දුන් රටවල් සාකච්ඡා කර ගිවිසුම අත්සන් කර ඇති බවත් වසර 2033 දක්වා ඉලක්ක ලබාදී ඇති බවත් ඒවා සම්පූර්ණ කරමින් සිටින අතර ගිවිසුම සංශෝධනය කළ නොහැක්කක් බවයි.

එම ක්‍රියාවලිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සෑහීමකට පත්ව ඇති බව ඔහු අවධාරණය කළා.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් විසින් ජාතික ජන බලවේගය IMF කොන්දේසි සංශෝධනය කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින්.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...