ආණ්ඩුව බෙදපු හාල් කාලා පරලොව ගිය කුකුල්ලු ගැන පරීක්ෂණයක් කරන්න ඕනෙ – ආශු මාරසිංහ

රජය විසින් නොමිලේ බෙදා දෙන ලද සහල් ආහාරයට ගත් කුකුළන් කිහිප දෙනෙකු මිය යාම පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පවසා තිබෙනවා.

පවතින තත්‍ත්වය විකෘති කිරීම සඳහා විපක්ෂය අභූත චෝදනා නැගීමට කටයුතු කරමින් සිටින බැවින් නිසි විමර්ශනයකින් තොරව ඒ බව තහවුරු කළ නොහැකි බව ඔහු පවසා සිටියා.

“කොරහේ කිඹුල්ලු දකින විපක්ෂයක්නෙ ඉන්නෙ. ආණ්ඩුවක් හැටියට අපි කරන්නේ ජනතාවට අවශ්‍ය දේවල්. සුරක්ෂා රක්ෂණය ඉතා විශාල පිම්මක් දරුවන් වෙනුවෙන්. සහල් ඊළඟ මාසෙත් බෙදනවා. සහල් පරිභෝජනය කරපු කිසි තැනකින් එහෙම පැමිණිල්ලක් ඇවිත් තියෙනව කියල මං හිතන්නෙ නෑ.”

Latest News

error: Content is protected !!