පළාත් පාලන මැතිවරණය හැකිතාක් ඉක්මන් කරන්න – මැතිවරණ කොමිසම රජයට දැනුම් දෙයි

පවතින මැතිවරණ ගැටලු නිරාකරණය කර ගැනීමට සහ පළාත් පාලන කටයුතු සුමටව ක්‍රියාත්මක කිරීමට හැකිවීම සඳහා හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසම රජයෙන් ඉල්ලා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව දැනුම් දී ඇති බව සඳහන්.

මෙම හමුවේදී ඉදිරි පළාත් සභා මැතිවරණයට අදාළ විකල්ප ද මැතිවරණ කොමිසම විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. ‍රත්නායක මහතා පවසන්නේ පවතින ක්‍රමය යටතේ හෝ අලුතින් සීමා නිර්ණය කළ ක්‍රමයක් යටතේ මෙම මැතිවරණ පැවැත්විය හැකි බවයි.

පළාත් සභා මැතිවරණයට එල්ල වී ඇති බාධාවන් පිළිබඳව ද සාකච්ඡාවේ දී අවධානය යොමු වුණා.

මැතිවරණ ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ වත්මන් අභියෝගවලට විසඳුම් ලබා දෙන පළාත් පාලන මැතිවරණ නීතියට නිශ්චිත ව්‍යවස්ථාදායක සංශෝධන අවශ්‍ය බවද කොමිසම අවධාරනය කර සිටියා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...