හර්ෂගේ සළුව ගැලවෙයි..

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන හර්ෂ ද සිල්වා පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා විමධ්‍යගත අයවැයෙන් ඔහුට වෙන් කරන ලද මුදල් පිළිබඳ කළ කතාව සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් ‍යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබෙනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පවතින ආර්ථික අර්බුදය හමුවේ තනි තනි මන්ත්‍රීන් වෙත මුදල් ලබා දීම වෙනුවට විමධ්‍යගත අරමුදල් දිස්ත්‍රික් සංවර්ධන කමිටු වෙත ලබා දෙන බව ජනාධිපතිවරයා බොහෝ වාර ගණනාවකදී ප්‍රකාශ කළ ඇති බවයි.

“සජිත් ප්‍රේමදාසගේ ආර්ථික කමිටුව නියෝජනය කරන ආචාර්ය හර්ෂද සිල්වා පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඔහුට වෙන්කරපු විමධ්‍යගත අරමුදල් ගැන පට්ට කෙප්පයක් තමයි කිව්වෙ.අදටත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පවා මුදල් ලබා දෙන්නේ ඒ කමිටු මඟින්.සජිත් ප්‍රේමදසගෙ තෝරාගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පමණක් ඔවුන්ගේ නම්වලටම රු ලක්ෂ 500,600,700වෙන් කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කරලා තියෙනවා.එහෙම කරන්නේ සජබ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහගෙන් ඒ මුදල් ඉල්ලා සිටිය නිසා. මේක එළියට ආවම හර්ෂ කියනවා ඒක එයාලට අයිති එකක් ආණ්ඩුවෙන් තමයි එයාව තෝරගෙන තියෙන්නෙ කියලා.”

නලින්ද ජයතිස්ස මහතාගේ සම්පූර්ණ කතාව මෙතැනින්.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...