ඉරාන ජනපති ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට රටවල් රැසක් එක්වේ – යුරෝපා සංගමය කොෆර්නිකස් චන්ද්‍රිකා පද්ධතියත් සක්‍රීය කරයි

ඉරානයේ ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා වන හොසේන් අමීර් අබ්දුල්ලාහියන් ඇතුළු නිලධාරීන් රැගත් හෙලිකොප්ටරය කඩා වැටීමෙන් පසු සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට රටවල් ගණනාවක් ඉරානයට සහාය දීමට ඉදිරිපත් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි තම රටේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට සහ අනෙකුත් අදාළ පාර්ශ්වවලට අතුරුදන් වූ හෙලිකොප්ටරය සෙවීමට සහාය වන ලෙසට උපදෙස් දුන් බව ඉරාක රජයේ ප්‍රකාශක පවසා තිබෙනවා.

එමෙන්ම කඩා වැටීම සිදු වූ බවට විශ්වාස කෙරෙන ප්‍රදේශයේ වඩා හොඳ දෘශ්‍යතාවක් ලබා ගැනීමට ඉරාන නිලධාරීන්ට උපකාර කිරීම සඳහා හදිසි සිතියම්කරණ සේවා සැපයීම සඳහා යුරෝපා සංගමය සිය Copernicus චන්ද්‍රිකා පද්ධතිය සක්‍රීය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අනතුර සම්බන්ධයෙන් සිය පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය ලබා දී තිබෙනවා. “කාරුණික දෙවියන් වහන්සේ අපගේ ආදරණීය සහ ගෞරවනීය ජනාධිපතිවරයා සහ ඔහු සමඟ සිටින සියල්ලන්ම ජනතාව වෙත ආපසු ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” “ඔවුන් වෙනුවෙන් සියලු දෙනා යාඥා කළ යුතුයි.”

එමෙන්ම ඉරාන ජනතාව කලබලයට හෝ කණස්සල්ලට පත් නොවිය යුතු බව ද ඔහු පවසා තිබෙනවා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...