පකිස්තාන ක්‍රිකට් තරුව ෂොයිබ් අක්තාර් ඉන්දීය සුරූපිනිය සොනාලි බෙන්ද්‍රේ ගැන පැතිරුණු කතා

බොලිවුඩ් තරුවක් වන සොනාලි බෙන්ද්‍රේ හා පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩික ෂොයිබ් අක්තාර් වසර ගණනකට ඉහත දී බොහෝ කට කතාවලට ලක් වූ දෙදෙනෙක් වුණා.

එම කතාවල ෂොයිබ් හා සොනාලි අතර ප්‍රේම සම්බන්ධයක් ගැන කියැවුණා. ඔහුට ඇය විවාහ කර ගැනීමට අවශ්‍ය බවත් ඔහු ඇගේ පින්තූරයක් ඔහුගේ පසුම්බියේ තබා ගෙන සිටින බව මෙන්ම ඔවුන් අනියම් සම්බන්ධයක් පවත්වන බවට ද කතා පැතිරුණා. තවත් එක් කතාවක පැවසුණේ ඇය එම යෝජනාවට එකඟ නොවන්නේ නම් ඇයව පැහැර ගන්නා බව ඔහු පවසා ඇති බවයි.

මේ කතා වසර ගණනාවක් තටු සලමින් හතර අතේ පියාසර කළ අතර මෑතකදී සොනාලි ඒ ගැන කතා කර තිබුණේ මෙලෙසයි.

“ඔව්, ඒක කොච්චර ඇත්තද කියලා මම දන්නේ නැහැ. ඒ වන විටත් ව්‍යාජ පුවත් තිබුණා!” ඔහු එය සෙල්ලකාරකමට කියූ කතාවක් පමණක් දැයි ඇයගෙන් ඇසූවිට ඇය කීවේ ඔහු ඇත්තටම එය කීවාදැයි තමා නොදන්නා බවයි.

මෙම ප්‍රකාශය වසර ගණනාවක් තිස්සේ ප්‍රචාරය වෙද්දී 2019 දී ෂොයිබ් අක්තාර් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. තමා කිසි විටෙකත් සොනාලි බේන්ද්‍රේ සම්බන්ධ කිසිවක් ප්‍රකාශ නොකළ බවයි ඔහු එහිදී පැවසුවේ.

“මට කවදාවත් සොනාලි බෙන්ද්‍රේ හමුවෙලා නැහැ. මම කවදාවත් ඇගේ රසිකයෙක් වෙලා ඉඳලත් නෑ මම ඇයව චිත්‍රපටවල දැක ඇති අතර ඇය ඇත්තෙන්ම ලස්සන කාන්තාවක්, නමුත් මම රසිකයෙක් නෙවෙයි.මම ඇත්තටම ඇගේ රසිකයෙක් වුණේ ඇය පිළිකාව සමඟ සටන් කරමින් සිටින විටයි. ඇය කෙතරම් ධෛර්ය සම්පන්නද කියා මට හිතුණා. පුද්ගලයෙකු ලෙස මම ඇගේ රසිකයෙක් වීමට පටන් ගත්තේ ඉන්පසුවයි”ඔහු පවසා තිබුණා.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...