පාසලේ මිතුරන්ගේ බුලි කිරීම් නිසා ඇමරිකාවේ 12 හැවිරිදි දැරියක් සිය දිවි නසා ගනී

පාසලේ දී සිදුවූ හිරිහැර කිරීම් (Bullying)දරාගත නොහැකිව එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි 12 හැවිරිදි දැරියක් සිය දිවි හානි කරගෙන මිය ගොස් තිබෙනවා.

ෆ්ලෝරා මාර්ටිනේස් නම් දැරියගේ පවුලේ අය පවසන්නේ Duane D. Keller Middle School පාසල ඇයව මාරු කර දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

අවසානයේ මැයි 07 වන දා ඇය සිය දිවි හානිකරගෙන මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔවුන් පාසලේ පලානාධිකාරිය දැනුවත් කිරීමෙන් පසු පවා ෆ්ලෝරාගේ පන්තියේ මිතුරන් ඇයට දිගින් දිගටම හිරිහැර කළ බව ඇගේ දෙමාපියන් පවසා තිබෙනවා.

පාසල ඇයව ආරක්ෂා කිරීමේ වගකීම පැහැර හරින ලද බව පවසන මව්පියන් සිය දිවි හානි කරගනු ලැබූ අවසානය දක්වා ඇය සියල්ල දරාගෙන හිටි බවයි මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...