ජනපති ඊලොන් මස්ක් හමුවේ – ලංකාවට Sratlink කඩිනමින් ගේන්න සාකච්ඡා කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින, ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක හා ට්විටර් හි හිමිකරු වන ඊලොන් මස්ක් (Elon Musk) හමුවී තිබෙනවා.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුව අතරතුර මෙම විශේෂ හමුව සිදුව ඇති බව වාර්තා වෙනවා.

මෙහි දී ශ්‍රී ලංකාව ගෝලීය Starlink ජාලය සමඟ සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇති බවල් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

ජලය ආශ්‍රිත අභියෝග සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරනය කරමින් ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodoගේ ආරාධනයකට අනුව ජනාධිපති වික්‍රමසිංහ මහතා පසුගිය 18 වන දා ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...