ජනාධිපතිවරරුන්ගේ විශ්‍රාම වැටුප්, දීමනා, නිවාස, වාහන අහෝසියි – විශ්‍රාමික ප්‍රජාව අමතමින් අනුරගෙන් පොරොන්දුවක්

මෙරට ලක්ෂ හතක් ඉක්මවූ විශ්‍රාමික ප්‍රජාව වත්මන් ආර්ථික තත්ත්වය තුළ මුහුණ දෙන අර්බුදයන්ට විසඳුම් ලබා දෙමින් ජාතික ජන බලවේගයේ රජයක් තුළ සියලුම විශ්‍රාමිකයන්ට ජීවන වියදම දරාගත හැකි ආකාරයේ විශ්‍රාම වැටුපක් ලබා දීමට කටයුතු කරන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (19)විශ්‍රාමික සංගම් රාශියක එකමුතුවෙන් පැවැත්වූ ජාතික විශ්‍රාමික සමුළුව අමතමිනි.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන් පමණක් නොව රටේ ආර්ථිකයෙන් පිටමං කරන ලද දුප්පත් ජනතාව මෙන්ම වැඩිහිටියන්, පෞද්ගලික අංශයේ රැකියාව කළ වැඩ අත අරින වයසට පත් වූවන් රැක බලා ගැනීම සඳහා ද වැඩපිළිවෙළක් නිර්මාණය කරන බව ඔහු ප්‍රකාශ කළා.

දීර්ඝ කාලයක් සහනාධාර වැඩපිළිවෙළේ රඳවා තබා ගැනීම වෙනුවට ක්‍රම ක්‍රමයෙන් ඔවුන් ආර්ථික ක්‍රමය තුළ ශක්තිමත් කිරීම සිය වැඩපිළිවෙළ බවයි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ.

ඒ අනුව ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප්, දීමනා, නිවාස, වාහන ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් තුළ අහෝසි කරන බව ඔහු පැවසුවා.

ජනගහණයෙන් 68% ක් එක්කො වේල් තුන කන්නෙ නෑ. එහෙම නැත්නම් වේල් තුන කනවා මොනවහරි. එහෙම නැත්නම් වේල් තුන කනවා ප්‍රමාණවත් නෑ. ටික ටික. ඒ කියන්නෙ 68% කට හරි හමන් ආහාර වේලක් ලැබෙන්නෙ නෑ. හාල් කිලෝ 10බෙදන්න තීරණය කරල තියෙනව පවුල් ලක්ෂ 34 කට. අපේ රටේ විශාල පුරවැසියන් ප්‍රමාණයක් තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම සඳහා නිසි ආහාර වේලක් නොමැති ජනතාවක්. එම ජනතාව සඳහා වැඩසටහනක් තිබිය යුතුයි. විශාල ආන්දෝලනයක් යනවා සහනාධාර වැරදියි කියලා. ලෝකයේ ඕනෑම රටක ආර්ථිකයෙන් පිටමං කළ ජනතාව රැක බලා ගැනීම සඳහා සහනාධාර වැඩපිළිවෙළක් තියෙනවා.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!