ඉරානයට දින පහක ශෝක කාලයක් – ජනපති රයිසිගේ අවසන් කටයුතු හෙට

ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ (Ebrahim Raisi) ගේ අවසන් කටයුතු අනතුර සිදු වන විට ඔහු යමින් සිටි Tabriz හිදී හෙට දිනයේ දී (21) සිදුකිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ නිලධාරීන් උපුටා දක්වමින් මියගිය අනෙකුත් සියලුම පුද්ගලයින්ගේ අවමංගල්‍ය කටයුතු ද හෙට දිනයේ සිදුකරන බව එම වාර්තාවල දැක්වෙනවා.

මෘත දේහයන් ඊට පෙර Tabriz හි අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුව වෙත ගෙන යනු ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද ජනාධිපති රයිසි වෙනුවෙන් දින පහක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

Latest News