ටෙලිකොම් ගන්න ගැණුම්කරුවන් වැඩිවේ.. එයාටෙලුත් සූදානම්..

රජය විසින් පෞද්ගලික අංශ අංශයට ලබාදීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් ලබා ගැනීම සඳහා මෙරට මෙහෙයුම් සිදු කරන ‘එයාටෙල්’ ජංගම දුරකතන සමාගයේ හිමිකාරිත්වය දරණ ඉන්දීය රිලයන්ස් සමාගම උනන්දුවක් දක්වයි.

එම සමාගම අයත් වන්නේ ඉන්දියාවේ ප‍්‍රකට ව්‍යාපාරික ‘මිත්තන්’ සමූහයටයි.

රිලයන්ස් සමාගමට ටෙලිකොම් හිමිකාරිත්වය ලබා ගැනීමට හැකි වුවොත් ශ්‍රී ලංකාව තුළ බලවත්ම සන්නිවේදන ජාලය බවට එයාටෙල්-ටෙලිකොම් ඒකාබද්දතාවය පත්වීමේ ඉඩක් ඇත.

එමෙන්ම සුබාෂ්කරන් අලිරාජා, මුකේෂ් අම්බානි, අදානි සමූහය සහ මෙරට අංක එකේ සල්ලිකාරයා වන ඉෂාර නානායක්කාර නියෝජනය කරන LOLC යන ව්‍යාපාරද මේ සඳහා උනන්දු වෙමින් සිටී.

Latest News

More like this

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...