ලංකාවේ ඉහළ පෙළේ ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් අත්හැර ජාතික ජන බලවේගයේ දේශපාලනයට පූර්ණ කාලීනව සම්බන්ධ වී සිටින චතුරංග අබේසිංහ ඔහු නියෝජනය කරන දේශපාලන ධාරාව තුළ මේ වන විට කැපී පෙනෙන භූමිකාවක් නිරූපනය කරන තරුණ නායකයෙකි.
චතුරංග ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. පෞද්ගලික ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආයතනයක විධායක නිලධාරියෙක් ලෙස සේවය කළ දත්ත විශ්ලේෂණය හා ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි.
පවතින දූෂිත දේශපාලන සංස්කෘතිය තුළ මේ රට අඟලක් හෝ ඉදිරියට ගෙන යා නොහැකි බව විශ්වාස කරන තරුණයෙකි.
“අපේ රට අඟලක්වත් ඉස්සරහට ගෙනියන්න බෑ මේ දූෂිත දේශපාලන සංස්කෘතිය එක්ක. ඒකට විකල්පයක් ලෙස ජාතික ජන බලවේගය දැන් ජනතාවට තෝරගන්න පුළුවන්. අපි මෙච්චර කල් කරමින් හිටිය ආර්ථික වැඩපිළිවෙළ වැරදියි කියලත් ජනතාව දන්නවා.
මේ රට හදන වැඩපිළිවෙළට මගේ Contribution එක මොකක්ද කියල කිව්වොත්, අපි දන්නව මේ රට දියුණු වෙලා තියෙනවා. දත්තත් එක්ක ඉස්සරහට ගිහින්. ඩිජිටල්කරණයට ලක් වෙලා. රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් වෙලා. දත්ත පද්ධතීන් මත තමන්ගේ කර්මාන්ත දියුණුවට ලක්වෙලා. AI වගේ තාක්ෂණය එනවා. මේව කිසිම දේකට අපේ රට සූදානම් කරල නෑ. එක පැත්තකින් රටේ ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාවය සූදනම් කරල නෑ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටික කරගෙන නෑ. කර්මාන්ත ටික ඩිජිටල් පද්ධතියකට අරගෙන නෑ.
මම හිතනවා මට ක්ෂේත්‍රයේ තියෙන අත්දැකීම් එක්ක කර්මාන්ත හා ඩිජිටල් පරිවර්තනයට අවස්ථාවක් ජාතික ජන බලවේගය දීල තියෙනවා. දැනට ඒ සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කරමින් ඉන්නවා. ඉතාම දියුණු මානව සම්පතක් ජාතික ජන බලවේගයත් එක්ක ඉන්නවා. ස්වේච්ඡා සේවය කරන පිරිසක් ඉන්නවා. ඒ අය එක්ක ඉතාම සතුටින් වැඩ කරනවා. පඩියක් ලැබෙන්නෙ නැති එක විතරයි වෙනස.”
ඔහු ආදරය, ජීවිතය, දේශපාලනය, පක්ෂයේ නායකයින් ගැන කරන සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින්.