විවාද දිනය තීන්දුයි. ජුනි 6 ජාතික නිවාඩු දිනයක් වෙයි ද?

සමගි ජන බලවේගයේ හා ජාතික ජන බලවේගයේ නායකයින් අතර විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගෙන තිබෙනවා.

ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි විධායක සභික නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව සමගි ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත් කළ නලින් බණ්ඩාර මහතා සමඟ ස්ථානය, වේලාව, විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පවසනවා.

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය ඊ​යේ (19) පියවර ගෙන තිබුණා.

ඒ අනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය මැයි මස 27ත් 31ත් අතර දිනක පක්ෂ නායකයන් අතර විවාදය ජුනි මස 03 ත් 07 ත් අතර දිනක් ලබාදීමට කටයුතු කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ ප්‍රකාශ කළා.

මෙම විවාද කටයුතු සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර ඇති බවත් බණ්ඩාර මහතා තවදුරටත් පවසා සිටියා.

මීට පෙර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ සජිත් අනුර විවාදය සිදු වේ නම් රටේ සියලුම ජනතාවට එය නැරඹීම සඳහා එදින ජාතික නිවාඩු දිනයක් බවට පත් කරන බවයි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!