බුදු දහම විකෘති කරන අයට එරෙහිව නීති දැඩි කරයි

සම්බුද්ධ දේශ­නාව විකෘති කර­න්නන්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­තිරණ මහතා පවසනවා.

මේ දින­වල ශ්‍රී සද්ධ­ර්මය විකෘති කර­මින් විවිධ පාර්ශ්ව­යන් විසින් කරනු ලබන ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් මහා නායක ස්වාමීන් වහ­න්සේලා විසින් ජනා­ධි­ප­ති­ව­රයා වෙත කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව එම ධර්මය විකෘති කර­න්නන් සම්බ­න්ධ­යෙන් දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කර­න බවඋඉ ඔහු පවසා ඇත්තේ.

මේ වන විටත් මහා නායක ස්වාමීන් වහ­න්සේ­ලාගේ අනු­ශා­සනා පරිදි දැනට ක්‍රියා­ත්ම­කව පව­තින විහාර දේවා­ල­ගම් පනත වහාම ක්‍රියා­ත්මක වන පරිදි සංශෝ­ධ­නය කිරී­මට අවශ්‍ය මූලික කට­යුතු සිදු­කර ඒ සඳහා නීති කෙටු­ම්පත් සම්පා­දක වෙත දැන­ට­මත් යවා ඇති බව ඔහු පවසනවා.

ඒ තුළින් අපේක්ෂා කරන්නේ ශ්‍රී සද්ධ­ර්මය විකෘති කරන යම් යම් පාර්ශ්ව­යන් වෙත එම විකෘති කිරී­මට එරෙ­හිව නීතිය මගින් ක්‍රියා­ත්මක කිරීම සඳහා මේ වන විට නීති ප්‍රමා­ණ­වත් නොවන බැවින් ඒ සඳහා වන අවශ්‍ය මූලික නීතිය සකස් කර ගැනී­මයි.

ඒ තුළින් නිර්මල ථෙර­වාදී බුදු දහම තවත් සිය­වස් ගණ­නා­වක් ලෝකය තුළ පැව­තීම සඳහා අවශ්‍ය පරි­ස­රය සකස් කරනු ඇති බව ඔහු සඳහන් කළා.

ඒ වගේම පුරා­වි­ද්‍යාව හා ඵෙති­හා­සික සාධක සම්බ­න්ධ­යෙන් කරන විකෘ­තින්, ප්‍රකා­ශ­යන් නිවැ­රදි නොවන බවට පෙන්වා දීමට පුරා­වි­ද්‍යා­ඥ­ය­න්ගෙන් හා ඉති­හා­ස­ඥ­යි­න්ගෙන් සම­න්විත කමි­ටු­වක් කට­යුතු කර­මින් තිබෙ­නවා.

Latest News

error: Content is protected !!