ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමට ගැලවීමක් නැති වෙයි – ළදරු පවුඩර් නිෂ්පාදන ලිංගික ප්‍රදේශයන්හි තැවැරීමෙන් ඩිම්බකෝෂ පිළිකා ඇති වන බව තහවුරු කෙරේ

Jonson and Jonson සමාගමේ ළදරු නිෂ්පාදනවලට එරෙහිව මේ වන විට ඇති 50,000 කට අධික චෝදනාවල විශ්වාසය තහවුරු කරමින් පවුඩර් නිෂ්පාදනවල ඩිම්බකෝෂ පිළිකා කාරක ඇති බව නවතම පර්යේෂණයක් පවසනවා.

බදාදා නිකුත් කළ Journal of Clinical Oncology හි විශ්ලේෂණයට අනුව ලිංගික ප්‍රදේශවලට පවුඩර් කුඩු යෙදීම ඩිම්බකෝෂ පිළිකා සමඟ සම්බන්ධ වී ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

පවුඩර් හෝ නිෂ්පාදන දිගු කාලයක් භාවිතා කරන පුද්ගලයින් සඳහා මෙම රෝග වැළඳීමේ සම්භාවිතාව වැඩි බව පර්යේෂණය අවධාරණය කරනු ලබනවා.

ජොන්සන්ස් ඇන්ඩ් ජොන්සන්ස් සමාගමට එරෙහිව 50,000 කට අධික චෝදනා මේ සම්බන්ධයෙන් ගොනු වී ඇති අතර එම සමාගම මීට පෙර තර්ක කළේ පවුඩර් කුඩු සහ පිළිකා අතර නිශ්චිත සම්බන්ධයක් පර්යේෂණවලින් තහවුරු කර නොමැති බවයි.

නවතම පර්යේෂණය එම තර්කය බිඳ දමමින් පවුඩර් වර්ග සහ පිළිකා අතර සම්බන්ධතාවය තහවුරු කර තිබෙනවා.

ඔවුන්ගේ සොයාගැනීම් පදනම් වී ඇත්තේ 2003 සිට 2009 දක්වා එක්සත් ජනපදයේ කාන්තාවන් 50,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගී කරවා ගනු ලැබූ අධ්‍යයනයක දත්ත මතයි.

වයස අවුරුදු 35 සහ 74 අතර එම අධ්‍යයනයට සහභාගී වූ, සෑම කෙනෙකුටම පියයුරු පිළිකාවක් ඇති බව හඳුනාගෙන තිබුණා.

මේ වන විට පිළිකාවට ගොදුරු වූවන් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වෙත පවරා ඇති නඩුවලින් ගැලවීම සඳහා සමාගම බංකොලොත්භාවය ප්‍රකාශ කර ඇති අතර
නඩු විසඳීම සඳහා ඩොලර් බිලියන 6.48 ක පමණ ගෙවීමක් ද යෝජනා කර තිබෙනවා.

මෙම ගණුදෙනුව සඳහා හිමිකම් පාන්නන්ගෙන් 75% ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම අවශ්‍ය බව පැවසෙනවා.

එහෙත් මේ වන විට, අනුබද්ධ ආයතනය මූල්‍ය අර්බුදයක නොමැති බව පවසමින් උසාවි බංකොලොත් භාවය ගොනු කිරීම ද ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ නඩු පවරා ඇත්තේ ඩිම්බකෝෂ පිළිකා ඇති කාන්තාවන් වන අතර අනෙක් අවස්ථා ඇස්බැස්ටස් නිරාවරණයට සම්බන්ධ මාරාන්තික පිළිකාවක් වන මෙසොතලියෝමා සහිත පුද්ගලයින් සම්බන්ධ බව පැවසෙනවා.

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...