බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වූ ආකාරයටම ජාතික පුනරුදයක් නිර්මාණයට කැපවෙමු

බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන සමාජ ආර්ථික පරිසරයක් සහ එවැනි සමාජයක් ගොඩනගන ජාතික පුනරුදයක් නිර්මාණය කරගැනීම සඳහා හැකි උපරිමයෙන් මැදිහත් විය යුතු බව වෙසක් පුන් පොහොය දින පණිවිඩයක් නිකුත් කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම පණිවිඩය මෙසේය.

ක්‍රි.පූ. 06වැනි සියවසේ උපත ලබා අදටද ජීවමානව පවතින ආගමික දර්ශනයකට නායකත්වය ලබා දුන් බුදුන් වහන්සේගේ ජීවිතයට අදාළ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

බුද්ධ කාලීන සමාජීය විෂමතා හමුවේ අවිහිංසාවාදය, සංහිඳියාව හා සමානාත්මතාවය වැනි මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයට හඳුන්වා දෙන ලද ප්‍රතිපත්ති සමුදාය, වර්තමාන සමාජ ආර්ථික පරිසරය විසින් දුෂ්ටභාවයට ඇද දමන ලද සමාජයටද මඟපෙන්වීමක් ලබා දෙයි. කෙසේ වුවද පවතින තත්වයන් විසින් පුද්ගලයෙකුට බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය වෙතටත්, දර්ශනය වෙතටත් ආධ්‍යාත්මික වශයෙන් සමීපවීමට මානසික හා භෞතික බාධාවන් පමුණුවමින් සිටී. බෞද්ධ බැතිමතුන්ට පවා බුදු දහමින් පෝෂණය වූ ජීවිතයක් ගත කිරීම දිනෙන් දින අසීරු කරනු ලැබෙමින් පවතී.

මේ සියල්ල මධ්‍යයේ පවා පවත්නා දුෂ්ට සමාජ ආර්ථික ක්‍රමය තුළ ගිලී යාමට නොව ඉන් මිදෙන මඟ සෙවීමට බෞද්ධ දේශනාව අපට උගන්වයි. ඒ වෙනුවෙන් වන පෞද්ගලික අධිෂ්ඨානයක් අප සතු විය යුතු අතරම පොදුවේ පවරා ගත යුතු සමාජීය වැඩකොටසක්ද අප හමුවේ පවතී. එනම් බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන සමාජ ආර්ථික පරිසරයක් සහ එවැනි සමාජයක් ගොඩනගන ජාතික පුනරුදයක් නිර්මාණය කරගැනීම සඳහා හැකි උපරිමයෙන් මැදිහත් වීමය. එම විමුක්ති මඟට පිවිසීමේ අදිටන සහිතව වෙසක් උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අපේ සුබපැතුම් එක්කරමු!

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.05.23

Latest News

More like this

ගම්පහට මහා ගංවතුර අනතුරු ඇඟවීමක්

ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල්...

තුන්වන ලෝක යුද්ධයක බිය මධ්‍යයේ ප්‍රංශය හමුදාව තර කරයි..

රුසියාවෙන් එල්ල වන තර්ජනය සහ යුරෝපා කලාපයේ නව ගැටුමක්...

විවාහයට මාසයකට පෙර හොංකොං ගින්නට දිවි පිදූ ගිනි නිවන භටයා

හොංකොං හි මහල් 31 ක් උස ගොඩනැගිල්ලක ඇති වූ...

ප්‍රධාන ගංගා හයක් ආශ්‍රිතව බරපතල ගංවතුර තත්ත්වයක්.. වහාම ඉවත්වෙන ලෙසට රතු නිවේදනයක්

ප්‍රධාන ගංගා හයක අදාළ ගංගා ද්‍රෝණිවල පහත් බිම් ප්‍රදේශවල...