ඉන්ධන නොමැතිව ගාසා හි ‘අල් අක්සා’ රෝහල වසා දැමෙයි – රෝගීන් සහ ළදරුවන් 1300 ක් අනතුරේ

ඉන්ධන හිඟයක් හේතුවෙන් ගාසා තීරයේ අල්-අක්සා (Al-Aqsa)) රෝහලේ විදුලිය ජනක යන්ත්‍ර ක්‍රියා විරහිත කරන බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

රෝහලේ ජෙනරේටර් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන ඇත්තේ තවත් මිනිත්තු කිහිපයකට පමණක් බව ඊට පෙර රෝහල නිවේදනය කර තිබුණා.

වසා දැමීම හේතුවෙන් තුවාල ලැබූ, රෝගී පුද්ගලයින් සහ නොමේරූ ළදරුවන් මරණයට පත්වීමේ අවදානමක් පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඊශ්‍රායලය රෆා දේශසීමා හරස් මාර්ගය අල්ලා ගැනීමෙන් පසු ගාසා තීරයේ වෛද්‍ය සැපයුම් සහ ආධාර ප්‍රමාද වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

බදාදා දින රෝහලට ඉන්ධන ලීටර් 3000ක් (ගැලුම් 800ක්) ලැබුණු බවත්, එහි ක්‍රියාකාරීත්වය සඳහා ලීටර් 5000ක් (ගැලුම් 1320ක්) අවශ්‍ය වූ බවත් මේ වන විට රෝහලේ රෝගී සහ තුවාල ලැබූ රෝගීන් 1300ක් සිටින බව පැවසෙනවා.

පසුගිය දින කිහිපය තුළ රෝහලට හදිසි ඉන්ධන ලබා දෙන ලෙස බොහෝ ආයාචනා කළ නමුත් අදාළ පාර්ශ්වයන් ප්‍රතිචාර දක්වා නැති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!